අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බහුතරයක් අංශවල නිලධාරීන්ගේ ජංගම දුරකථන (රාජකාරි පැය නමය තුළ) දිනපතාම ස්ථානාධිපතිවරුන් භාරයට ගනු ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
එයට හේතු වී ඇත්තේ අභ්‍යන්තර විමර්ශන තොරතුරු පිටතට යාම වැළැක්වීම සඳහා බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
නමුත් අභ්‍යන්තර තොරතුරු ලබා දෙන්නේ අධ්‍යක්ෂක කාර්යාලයේ ඇතැම් නිලධාරීන් සහ නිලධාරිනියන් බවත් ඔවුන්ට මෙම නීතිය බලපැවැත්වෙන්නේ නැති බවත් එම නිලධාරීන් පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ අංශ 40 ක් පමණ ස්ථාපිත ව තිබෙන අතර එහි සේවය කරන සෑම නිලධාරියකු ම සේවයට පැමිණි වහාම ස්ථානාධිපතිවරයා ඔවුන්ගේ ජංගම දුරකථන සිය භාරයට ගනු ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.