වයස අවුරුදු 16 ට අඩු දැරියන් 168 දෙනකු මාසයක දී දූෂණයට ලක්ව ඇතැයි කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය කොළඹදී පැවසුවාය.
මේ වසරේ සැප්තැම්බර් පළමුවෙනිදා සිට 30 වනදා දක්වා කාළය තුළ මෙම දැරියන් දූෂණයට ලක්ව ඇති බවත් ඉන් බහුතරයක් දැරියන් තමන්ගේ ඥාතීන් අතින් දූෂණයට ලක්ව ඇති බවත් මන්ත්‍රීවරිය සඳහන් කළාය.
එම දැරියන් අතරින් විසිදෙදෙනකු ගර්භණී තත්ත්වයට පත්වී ඇති බවත් කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව පැවසුවාය.
ගැබ් ගත් දැරියන් අතරින් 15 දෙනකු ප්‍රේම සම්බන්ධතා පවත්වා ගැබ් ගෙන අතැ අතර දැරියන් හත් දෙනෙකු බලහත්කාරයෙන් දුෂණයට ලක්ව ඇති බවත් මන්ත්‍රීවරිය තවදුරටත් කීවාය.