නිල්වලා ගඟ පිටාර ගැලීම හේතුවෙන් කඹුරුපිටිය සහ මාතර ප්‍රදේශවල ජල ගැලීමට ලක් වූ ප්‍රදේශවල ජල මට්ටම තවදුරටත් එලෙසම පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
වාර්මාර්ග අධ්යක්ෂ එස්. පී. සී. සුගීෂ්වර මහතා සඳහන් කළේ, එම ප්‍රදේශවල මාර්ග භාවිත කරන රියදුරන් ඒ පිළිබඳ අවධානයෙන් පසුවිය යුතු බවය.
“නිල්වලා ගංගාවේ පහළ ප්‍රදේශවල පවතින ගංවතුර තත්ත්වය තවදුරටත් අද දිනය පුරාමත් පැවතිය හැකියි. ඒ තත්ත්වයේ බලපෑමට ලක්ව ඇති ප්‍රදේශ වන අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ, කඹුරුපිටිය සහ මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නිල්වලා ගඟේ පහත්බිම්වල පවතින ගංවතුර තත්ත්වය තවදුරටත් පැවැතිය හැකියි. මේ හේතුවෙන් ප්‍රධාන මාර්ග හා අතුරුමාර්ග භාවිත කරන රියදුරු මහතුන් මේ තත්ත්වය ගැන දැඩි සැලකිල්ලකින් කටයුතු කළ යුතු අතර මහජනතාව මේ තත්ත්වය පිළිබඳ අවධානයෙන් සිටිය යුතු බවත් සඳහන් කරන්න කැමතියි.”
පිටාර ගැලීමට ලක්වූ කිරිඳි ඔයේ ජල මට්ටම මේවන විට සාමාන්‍ය මට්ටමා පත්ව ඇති බව එස්. පී. සී. සුගීෂ්වර මහතා පවසයි.
මේ අතර පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා එල්ලවී තීබූ ඇල්ල – වැල්ලවාය මාර්ගය යළි විවෘත කර තිබේ.
එම මාර්ගය 7 කණුව රන්දෙණිය ප්‍රදේශයන් පස්කඳු කඩාවැටීම හේතුවෙන් ඊයේ (24) පස්වරුවේ එම මාර්ගය තවකාලිකව වසා දැමුණි.
බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමානාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, ඇදහැලෙනු අධික වැසි හේතුවෙන් එම මාර්ගයේ තැනින්තැන පස්කඳු සහ ගස් කඩාවැටීම හේතුවෙන් ගමනා ගමනයට බාධා එල්ල වූ බවය.