ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්රමසිංහ මහතාට ඡන්ද ලක්ෂ 100 ක් ලබාදී ජනපති පුටුවේ වාඩි කරවීම සඳහා පෙළ ගැසෙන්නැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
කවුරුත් එකතු වුණොත් ඒ කාර්යය කළ හැකි බවද අබේවර්ධන මහතා කීය.
රනිල් පාර්ලිමේන්තු මන්ත්රී ධුරයට පත්ව අගමැති වී ඉන් පසු ජනපති වන බව තමා වසරකට පෙර අනාවැකි කියා තිබූ බව කී අබේවර්ධන මහතා මීළඟ ජනාධිපතිවරණයේදී ඉතිහාසයේ වාර්තා ගත වැඩි ඡන්ද ප්රමාණයක් ගෙන රනිල් වික්රමසිංහ නියත වශයෙන්ම නැවතත් ජනාධිපති ධුරයට පත් වන බව ද සඳහන් කළේය.