පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් සකස් කිරීම සහ ඔවුන්ගේ වරප්‍රසාද තීරණය කිරීම,චර්යා ධර්ම කඩකිරීම් පිළිබඳව සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා වෙනම අධිකාරියක් පිහිටුවීමට රජය තීරණය කර ඇත.
ඊට අදාළ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ( 23) ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම අධිකාරිය විශ්‍රාම විනිසුරුවරුන් පිරිසකගෙන් සමන්විත වේ.
රුපියල් කෝටි 8ක රත්රන් නීති විරෝධීව රැගෙන ඒමේ සිද්ධියක් සම්බන්ධයෙන් දඩ නියමවූ අලිසබ්රි රහීම් මන්ත්‍රීවරයාගේ එම සිද්ධියෙන් පසු මෙම අධිකාරිය පිහිටුවීම සඳහා රජයේ අවධානය යොමුවීඇත.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග, චර්යා ධර්ම සංග්‍රහය අනුගමනය කරමින් කටයුතු කිරීමට මෙම අධිකාරියට එම පනතින් අවස්ථාව සැලසෙන බව සඳහන් වේ.