කොලොන්න දඩයම් කන්ද ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩාවැටීමෙන් සිදුවු අනතුරකින් උසස් පෙළ සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
අප කළ විමසීමක දී පොලීසිය සඳහන් කළේ, එම ප්‍රදේශය පස් කන්ද කඩා වැටීමෙන් අවහිර වී ඇති බැවින් මේ වනවිටත් එහි ළඟා වීම අසීරු වී ඇති බවය.
ඊයේ (22) රාත්‍රියේ නිවසක් මතට පස් කන්ද කඩා වැටී ඇති අතර, එහිදී අවුරුදු 17ක් වූ දොරපනේ විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෘත දේහය මේ වනවිට ඕමල්පේ රෝහලේ තැන්පත් කර ඇති බව වාර්තා වේ.