ඊසාන දිග මෝසම් කාළගුණික තත්ත්වය හේතුවෙන් ඉන්දු ලංකා මගී ප්‍රවහන නෞකා සේවයේ පලමු අදියරේ මෙහෙයුම් කටයුතු අවසන් කළ බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය කියයි.
ඊසාන දිග මෝසම් කාළගුණික තත්ත්වය සමනයවු පසු ලබන ජනවාරි සිට යලි මගී ප්‍රවහන සේවා මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කන්කසන්තුරේ වරායේ මෙහෙයුම් භාර නිලධාරි සමන් පෙරේරා මහතා පැවැසීය.
“චෙරියපාණි” නැමැති මෙම නෞකාවෙන් එකවර මගීන් 150 කට ගමන් කළ හැකි අතර ඉන්දියාවේ නාගපට්ටනන් වරායේ සිට ලංකාවේ කන්කසන්තුරේ වරාය දක්වා මගි ප්‍රවහන මෙහෙයුම් ආරම්භ කරණු ලැබුවේ වසර 41 කට පසුව ඉකුත් ඔක්තෝබර් 14 වෙනිිිදාය.
මේ අතර මගී ප්‍රවහන මෙහෙයුම්වලට අමතරව ඉදිරියේදි දෙරටේ භාණ්ඩ ප්‍රවහන මෙහෙයුම් ආරම්භ කිරිම කෙරෙහි අවධානය යොමුවි ඇති බව මෙහෙයුම් භාර නිලධාරි සමන් පෙරේරා මහතා කීහ. මෙය සාර්ථක වුවහොත් උතුරේ භාණඩ ප්‍රවහන කටයුතුවලට වැඩි ඉඩක් ලැබෙන බවද ඒ මහතා කීහ.