එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථා සංශෝධනය එජාප විශේෂ මහා සම්මේලනයේදී ඊයේ ඒකමතිකව සම්මත විය.
පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එජාප ව්‍යවස්ථා සංශෝධනය පක්ෂ සම්මේලනයට ඉදිරිපත් කළ අතර එහිදී පක්ෂ සම්මේලනයේ සියල්ලෝම අත් ඔසවා ඊට එකඟතාවය පළ කළහ.
එක්සත් ජාතික පක්ෂයට ඔන්ලයින් සංවිධාන ඇති කිරීමට ඉඩ දීම,කෘත්‍යාධිකාරී මණ්ඩල බලතල විධායක සභාවට ලබා දීම,කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සංඛ්‍යාව අඩු කිරීම ඇතුළු සංශෝධන නව ව්‍යවස්ථාවට ඇතුළත් ය.
එක්සත් ජාතික පක්ෂයේ නව ව්‍යවස්ථාව ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ සම්මේලනයට නිවේදනය කළේය.