සිංහල විෂය උගන්වන ගුරුවරයාට පාසලේදි වඳින අවස්ථාවේ හිස අත ගා මුහුණ සිප ගන්නා බව කියමින් තිස්සමහාරාම පොලිස් වසමේ පිහිටි පාසලක එකොළොස් වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවියක් කළ පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වා එම ගුරුවරයා සැකපිට අත්අඩංගුවට ගත් බව තිස්සමහාරාම පොලීසිය පවසයි.
මීට වසරකට පමණ ඉහතදී මෙම සිදුවීම සිදු වූ බවත් එම වකවානුවේදීම තමන් අසනීප වී නිවසේ කාලය ගත කරන විට සුවදුක් බැලීමට මෙම ගුරුවරයා නිවසට පැමිණි බවත් සිසුවිය පොලීසියට පවසා ඇතැයි කියති.
එසේ නිවසට පැමිණි අවස්ථාවේ රෝගී තත්ත්වයට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට යමු යැයි කියා යෝජනා කර තමන්ව වඩා ගත් බවත්මේ අවස්ථාවේ තමන් ලැජ්ජාවට සහ දැඩි අපහසුතාවයකට පත් වූ බවත්සිසුවිය පවසන්නේ යැයි පොලිසිය සඳහන් කරයි.