ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් ත්‍රෛනිකායික ජාතික භික්ෂු එකමුතුව විසින් බලගන්වන රට හදන මග ප්‍රතිපත්ති ප්රකාශනය මේ මස මේ මස 14 වැනි දින මිහින්තලා රජ මහා විහාර පරිශ්‍රයේ මැද මළුවේ දී එළිදක්වන බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති .
එම ප්‍රතිපත්ති ප්රකාශනය පසුගිය (09දා) මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන්ට පිළිගැන්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් උන්වහන්සේ මෙසේ පැවසූහ .
“නිදහසෙන් පසු තට්ටුමාරු ක්‍රමයට මේ රට පාලනය කළ බලලෝභී කණ්ඩායම් මේ වන විට රට බංකොලොත් රටක් බවට පත් කොට තිබෙනවා. එසේම ඔවුන් විසින් ජනතාවගේ ජීවත්වීමේ අයිතියද අහෝසි කර තිබෙනවා .
අද වනවිට රටේ ජාතික ආරක්ෂාව පවා දැඩි තර්ජනයකට ලක්වෙලා තිබෙනවා .ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වුවමනාවට අනුව ත්‍රිවිධ හමුදාව ලක්ෂය දක්වා අඩු කරන්න යනවා .අද වන විට පොලිස්පතිවරයකු හෝ පත් කර ගැනීමට නොහැකි තත්ත්වයට වත්මන් ආණ්ඩුව පත්ව තිබෙනවා .
පාර්ලිමේන්තුවේ මේ වන විට සිටින්නේ දේශපාලනඥයන් නොව රට විනාශ කිරීම සඳහා තවදුරටත් කැස කවමින් සිටින ත්‍රස්තවාදී කණ්ඩායමක් . මේ කිසි කෙනෙක් රටට ජනතාවට ආදරය කරන පුද්ගලයන් නොවේ . ඔවුන්ගේ එකම පරමාර්ථය හොඳින් හෝ නරකින් තමන්ගේ මඩිය තරකර ගැනීම පමණයි .
මේ තත්ත්වය තව දුරටත් දරා ගැනීමට නොහැකි නිසයි අපි ත්‍රෛනිකායික මහා සංඝරත්නය එකතුවී මේ රටේ ජනතාව වෙනුවෙන් ඉදිරියට එන්න කතිකාවතක් ඇති කරගත්තේ .
අපගේ උත්සාහය මේ දේශද්‍රෝහී කණ්ඩායමේ ගෑවිලාවත් සිටින අයෙකු නොමැති රාජ්‍ය පාලනයක් ඇති කිරීමයි . ඒ උත්සාහය සඳහා අප අලුත් පක්ෂ හදන්නේ නැහැ . රට විනාශ කරන පක්ෂ අහෝසි කරන්නයි අපි උත්සාහ කරන්නේ .අප බලාපොරොත්තු වන නව පාලනයේ දී ජේ. ආර්.ගේ ව්‍යවස්ථාවේ සිට සියලු දේ අහෝසි කිරීමට බලාපොරොත්තු වෙනවා .රට පාලනය කිරීමට 225ක් අවශ්‍ය නැහැ . 25 ක් සිටියා නම් හොඳටම ඇති . මේ කණ්ඩායමේ වසර 75 ක පාලන කාලය තුළ රට බංකොලොත් කිරීම පමණයි කර තිබෙන්නේ . වෙන කිසිම දෙයක් කර නැහැ .
අද පාර්ලිමේන්තුව මහලු මඩමක් . මේ සියලු දෙනා ඉවත් කොට නව නායකත්වයක් යටතේ රට ගොඩ නැඟීමයි අපගේ එකම බලාපොරොත්තුව . ඒ වැඩපිළිවෙළ සඳහා මහා සංඝරත්නය සේම අනෙක් සියලුම ආගම්වල නායකයන් සහ ජනතාව අපි එකතු කරනවා .
පන්සල්වලට මල් වට්ටි පලතුරු කූඩ අරගෙන එන දේශපාලනඥයන් ප්‍රතික්ෂේප කරන්න කියලා අපි මහා සංඝරත්නයෙන් ඉල්ලීමක් කරනවා .අපේ පන්සල්වලට එන්න එපා කියා අපි ඒ අයට කියනවා . රට වැටී තිබෙන මේ තත්ත්වයට අපත් වගකිව යුතුයි .
එම නිසා රටට ආදරය කරන මහා සංඝරත්නය ප්රමුඛ සියලුම දෙනාට එළැඹෙන 14 වැනි දා මේ රටේ සංස්කෘතියේ ආරම්භක මූලස්ථානය වූ මිහින්තලා රජ මහ විහාර භූමියට එක්රොක් වන ලෙස අප ආරාධනා කර සිටිනවා”
මෙම අවස්ථාවට ජාතික සංඝ සම්මේලනයේ සභාපති පූජ්‍ය ලියන්වල ශාසනරතන, ජාතික භික්ෂු එකමුතුවේ නියෝජිත පූජ්‍ය පාහියංගමුවේ ආනන්දසාගර හිමි ඇතුළු පිරිසක් එක්ව සිටියහ .