බේරුවල ගාලු පාර හෙට්ටිමුල්ල වද කහවෙල ප්රදේශයේ නිවසක මෙහෙකරු සමග වාසය කළ විවාහක කාන්තාවකගේ ගෙල නයිලෝන් වර්ගයේ කඹයකින් ගැටගසා හිසට ද මල් පෝච්චියකින් පහර දී තුවාල කර ඝාතනයකර ඉකුත් 7 දින පැනගොස් සිටි නිවසේ මෙහෙකාර 58 හැවිරිදි සැකකාර පුද්ගලයා මිරිහාන ප්රදේශයේදී අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය ඊයේ (10)පස්වරුවේ පැවසීය.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ බේරුවල, ගාලු පාරහෙට්ටිමුල්ල වද කහ වෙල ප්රදේශයේ පදිංචිව සිටී පාලමුනිශාන්ති ඇලෙක්සැන්ඩ්රා ජයසිංහ (75) නමැති විවාහක කාන්තාවක බව පොලිසිය කීය.
මෙම නිවසේ මෙහෙකරු වෘත්තීයයේ නියුතු කම්කරු පුද්ගලයා පසුගිය හත්වන දින දින හතරක නිවාඩුවට බලංගොඩ විකිලිය වත්ත ඔහුගේ ගමට ගොස් එදින සවස මෙම නිවසට නැවත සේවයට පැමිණ තිබෙන අතර එහිදී නිවසේ හිමිකාරිය සමග ඇති වූ බහින් බස් වීමක ප්රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුකර ඇති බව සැකකරු පොලිසියට පාපොච්චාරණය කර තිබෙන බව විමර්ශන සිදුකරන පොලිසිය කීහ.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්රශ්න කර අධිකරවෛද්යවරයෙකු වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව (11) දින කළුතර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය