වෛද්‍යවරුන්ගේ විරෝධතාවයක් හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිට ටවුන් හෝල් දෙසට මාර්ගය අවහිර වී ඇතැයි වාර්තා වේ.
අප වාර්තාකරු පැවසුවේ මේ හේතුවෙන් එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් පවතින බවය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කර තිබූ විරෝධතාවයට වෛද්‍යවරු විශාල පිරිසක් සම්බන්ධ වී සිටි අතර දැඩි ආරක්ෂාවක් ද යොදා තිබුණි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, වෛද්‍යවරුන් මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් රජය විසඳුම් ලබානොදීමට විරෝධය පළකරමින් මෙම විරෝධතාව පවත්වන බවය.