මෙරට සංචාරයක් සඳහා පැමිණ අනුරාධපුර සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි ස්විට්සර්ලන්තය ජාතික යුවලක් සතු රුපියල් ලක්ෂයකට ආසන්න වටිනා පාවහන් යුගලක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කල බව අනුරාධපුර සංචාරක පොලීසිය පවසයි.
එම යුවල අනුරාධපුර පූජා නගරයේ සංචාරය කිරීමෙන් අනතුරුව නවාතැන් ගත් හෝටලයට ගොස් විවේක ගන්නා අවස්ථාවේදී මෙම සොරකම සිදුව ඇති බව පොලීසිය කියයි.
පැමිණිලිකාර විදෙස් ජාතිකයා සාමාන්‍ය පාවහන් යුගලක් සංචාරය සඳහා භාවිතා කර, නැති වූ පාවහන් යුගල නවාතැන් ගත් හෝටලයේ ඉදිරිපස විවෘත ආලින්දයේ පිළිගැනීමේ කවුළු ඉදිරිපස ගලවා තිබී ඇතැයි පැමිණිල්ලේ සඳහන් වේ.
නවාතැන් ගත් හෝටලයෙන් පිටව යාමට පැමිණ බැලීමේදී ගලවා තබා තිබූ එම ස්ථානයේ එම පාවහන් යුගල නොමැති බව දැන ගෙන මෙම පැමිණිල්ල සිදු කර තිබේ.
නැති වූ මෙම පාවහන් යුගල ලංකා මුදලින් රුපියල් 88,250ක් පමණ වන, ‘no’ වර්ගයේ ක්‍රීඩා පාවහන් යුගලක් බව එම පැමිණිල්ලේ වැඩි දුරටත් සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය පොලිසිය වැඩි දුර විමර්ශන සිදු කරනු ලබයි.