අවාරයේ ශ්‍රී පාද වන්දනාවේ යෙදෙන දෙස් විදෙස් සංචාරකයින් සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමට එරෙහිව නල්ලතන්නිය වනජිවි කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වා තිබේ.
මහා සංඝරත්නය සහ නල්ලතන්නිය ප්‍රදේශවාසින් පිරිසක් එක්ව සංවිධානය කළ මෙම විරෝධතාව සඳහා විදෙස් සංචාරකයින් පිරිසක් ද එක්ව සිටි බව “අද දෙරණ” වාර්තාකරු පැවසුවේය.
විරෝධතාකරුවන් නල්ලතන්නිය සිට ශ්‍රී පාදස්ථාන මාර්ගයේ මකර තොරණ ප්‍රදේශයේ පිහිටි නල්ලතන්නිය වනජිවි කාර්යාලය වෙත පෙරහැරකින් ගොස් එම ස්ථානයේ විරෝධතාවයේ නිරත වී තිබේ.
පසුව වනජිවි අධ්‍යක්ෂක ජෙනරාල්වරයා වෙත භාරදිම සඳහා ඔවුන් විසින් එම කාර්යාලය වෙත සංදේශයක් ද භාරදුන් බව “අද දෙරණ” වාර්තාකරු පැවසුවේය.
දෙස් විදෙස් සංචාරකයන්ගෙන් මුදල් අය කර මෙලෙස ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමට තමන් විරුද්ධ බව ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමි ද සඳහන් කර තිබුණි.