අනුරාධපුර දිස්ත්රික්කයේ, තඹුත්තේගම පොලිස් වසමේ රාජාංගනය නවසිරිගම ප්රදේශයේදී පුද්ගලයකු විසින් තියුණු ආයුධයකින් ඇණ කාන්තාවක ඝාතනය කර ඇත.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ දේවතා පේඩිගේ රේණුකා දීපානී සෝමදාස (53) නම් තිදරු මවකි. ඇය ධීවර රැකියාව ජීවන වෘත්තිය ලෙස කර ගෙන ගොස් ඇත.
ඊයේ (07) සවස 03.30 ට පමණ මෙම ඝාතනය සිදුව ඇති අතර, ඝාතනයට ලක් වූ කාන්තාවගේ බාල සොයුරාගේ නිවසේදී මෙම ඝාතනය සිදු කර ඇත.
ඝාතනය සිදු වූ නිවසට පිටුපස පිහිටි නිවසේ ඝාතනයට කාන්තාව ජීවත් වී සිට ඇති අතර, මීට දින කීපයකට පෙර ඇය වෙන්නප්පුව ප්රදේශයේ සිය දියණියගේ නිවසට ගොස් ඊයේ (07) පැමිණ සිටියදී මෙලෙස ඝාතනයට ලක්ව ඇත.
ඝාතනයට ලක් වූ කාන්තාවගේ සැමියා මීට වසර 15 කට පමණ ඉහතදී රෝගාතුරුව මිය යාමෙන් පසු, ඝාතනය සිදු කළ පුද්ගලයා සමඟ වසර 13 ක පමණ සිට ඝාතනයට ලක් වූ කාන්තාව අනියම් ඇසුරක් පැවති බවත්, ඝාතනය සිදු කළ බව කියන පුද්ගලයාද විවාහකයකු බවත්, ඔහුටද දරු මල්ලන් සිටින බවත් පවුලේ ඥාතීන් පැවසීය.
මෙම යුවල නීත්යාණූකූලව විවාහ නොවූවද වසර ගණනක් එකට දිවි ගෙවූ බවත්, ජීවිතක්ෂයට පත් කාන්තාවගේ බාල දරුවා සමඟ එක නිවසක ඔවුන් දිවි ගෙවු බවද, බාල දරුවා සමඟ මීට මාසයකට පෙර ඇති වූ ආරවුලක් සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර ඇති අතර, එම ගැටුම සමථ මණ්ඩලයට යොමු කර ඇත.
ඒ අනුව ඊයේ (07) සමථ මණ්ඩලයේදී එය විභාගයට ගැනීමට නියමිතව තිබූවද ඒ සඳහා ජීවිතක්ෂයට පත් කාන්තාවගේ සොහොයුරා හා දරුවා ඊට සහභාගී වී නැත.ඝාතනය සිදු කළ පුද්ගලයා සමථ මණ්ඩලයට සහභාගී වීමෙන් පසු එළැඹෙන 21 වැනි දින පැමිණෙන ලෙස දැන්වූ බවද ඝාතකයා විසින් ඝාතනයට ලක් වූ කාන්තාවට නිවස අසලදී පවසා ඇත.
පසුව ඊයේ (07) දිනයේම පස්වරුවේ නිවස අසළ වෙළඳසැලකදීද ඝාතකයා විසින් ඝාතනයට ලක් වූ කාන්තාවගෙන් “සමථ මණ්ඩලයට යනවාද?” යැයි විමසා ඇත.ඝාතනයට ලක් වූ කාන්තාව “ 21 නේ තියෙන්නේ “ යනුවෙන් පවසා ධීවර රැකියාවේ නිරත වීම සඳහා වැවට ගොස් නැවත ඝාතනයට ලක් වූ කාන්තාවගේ සොයුරාගේ නිවසට පස්වරු 2.30 ට පමණ පැමිණ දිවා අහාරය ලබා ගෙන නිවසේ රැදී සිට ඇත.
ඒ අවස්ථාවේ ඝාතකයා විසින් එම නිවසට පැමිණ “ආ උඹ හොඳට ඉන්නවා නේද “යැයි ඝාතනයට ලක් වූ කාන්තාවගේ විමසා” ඉඳපන්කෝ උඹට හොඳ වැඩක් කරන්න “යැයි පවසා ඉනේ සඟවාගෙන සිටි කිනිස්සකින් නිවසේ සාලයේදී එම කාන්තාවගේ පපු ප්රදේශයට හා ශරීරයේ ස්ථාන කීපයකට ඇණ බරපතල තුවාල සිදු කර ඇත.
බරපතල තුවාල ලැබූ කාන්තාව රාජාංගනය යාය 05 ප්රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර, ඒ වන විටත් ඇය ජීවිතක්ෂයට පත්ව සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරන අතර, ඝාතනය සිදු කළ ඝාතකයා අත්අඩංගුවට ගැනීමට වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.