ලෝක ළමා දිනය සැමැරූ දින උදේ ඌරුබොක්ක මැකිලියතැන්නේ දී මාස හයක් වයසැති එකම දරුවා ගේ මරණය සම්බන්දයෙන් 21 හැවිරිදි මව අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඌරුබොක්ක, මැකිලියතැන්න, එක් දරු මවක බව පොලීසිය පැවැසීය.
මෙසේ මියගොස් ඇත්තේ මාස 6 ක් වයැසැති ඌරුබොක්ක ගමගේ නුවදි ලියාශා ගිම්සදී නැමැති බිළිදියයි.
පසුගිය 30 දින සවස 4.00-4.30 අතර කාලයේ බිලිදියට දාඩිය දමා තිබූ බැවින් හීටරයෙන් වතුර උණු කර රෙදි කෑල්ලකින් දාඩිය සෝදා හැර පසුව තුවායකින් ඇඟ පියදාමින් සිටියදී නිවසේ ඇති කරන සුනඛයා නිවස තුලට පැමිණ තමාගේ කකුල එක්වරම කටින් ඇල්ලූ බවත් ඒ අවස්ථාවේ එක්වරම බල්ලා දෙස බැලීමේදී බිළිදියගේ හිස බිත්තියේ වැදුන බවට මව පොලීසියට පවසා තිබිණි.
සැකකාරිය මොරවක අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් බාරයට පත් කළේය.