පසුගිය විසි හතර වෙනි දින සිට අතුරුදන්ව සිටි තලාතුඔය මොරගොල්ල ජනපදයේ වයස අවුරුදු තිහක්වන තරුණයෙකුගේ සිරුර මොරගොල්ල කන්දෙ දේවාලය අසල ගොරක ගසක එල්ලී සියදිවි නසා ගෙන තිබියදී ප්රදේශවාසින් විසින් ඊයේ දින සොයාගෙන ඇත.
රුවන් සදකුමාර විවාහකයෙකු වන අතර බිරිද විදේශ ගතවී සිටින බැවින් සිත් තැවුලෙන් කාලය ගතකර ඇත. මෘත ශරීරය පිලිබද පශ්චාත් මරණ පරීක්ෂණය ⁸ මහනුවර මහ රෝහලේදී අද දින සිදු කිරීමට නියමිතය. තලාතුඔය පොලිසිය සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.