අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මූලික අයිතිවාසිකමක් වන බැවින් යෝජිත අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පත පිළිබඳව තාක්ෂණික ක්ෂේත්රයේ මෙන්ම සිවිල් සමාජයේ ද අදහස් ලබාගැනීම ඉතා වැදගත් බව මෙරට අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් පවසනවා.
X පණිවුඩයක් නිකුත් කරමින් ඇය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ප්‍රතිත්‍රස්ත පනත සංශෝධනය කරන්නේ නම් එය ප්රජාතන්ත්රවාදයට සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සිදුකළ යුතු බව ශ්‍රී ලංකා රජයට අවධාරණය කරන බවයි.
යෝජිත අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පතට එරෙහිව සිවිල් සමාජය තුළද මේ වනවිට දැඩි ආන්දෝලනාත්මක තත්වයක් ඇතිවී තිබෙනවා.