කටුනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපොළ හා ගුවන්සේවා ආරක්ෂක අංශයේ ස්කෑන් යන්ත්‍රය පරික්ෂාකරන නිලධාරියකු විදේශ ගතවිමට පැමිණි කාන්තවකගේ රන්මාලයක් හා පෙන්ඩනයක් සොරකම් කළැයි කියන සිද්දියකට එම නිලධාරියා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
සැකකරු 29 හැවිරිදි හීනටියන ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.
සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදි සොරාගත් රන්මාලය උකස් ආයතනයකට අලෙවි කිරීමෙන් පසු උණුකර තිබියදි සොයාගෙන ඇති අතර පෙන්ඩනයක් සහ තවත් කාන්තාවකගේ බෑගයකින් සොරාගත් මුදු තුනක් ජුවලරි ආයතනයකට උකස් කර තිබියදී සොයාගෙන ඇත. ගුවන්තොටුපොළ පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.