ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකාව අතර කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම ඉදිරි දින කිහිපය ඇතුලත අත්සන් කිරීමට නියමිත බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් මහතා ප්රමුඛ මහතා ප්රමුඛ නිලධාරීන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් කොළඹ දී අද(26)පැවැත්වුණු අතර එහිදී මූල්‍ය අරමුදල සම්බන්ධ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකාව අතර කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම සඳහා අද අත්සන් තැබීමට නියමිතව තිබුණ ද තවත් කරුණු කිහිපයක් පිළිබඳ වැඩිදුර සාකච්ඡා කිරීමෙන් අනතුරුව අදාල ගිවිසුම අත්සන් කිරීමට එකඟතාවයට පැමිණි බව ජනාධිපති කාර්යාලයේ ජේෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.