වත්මන් ගැටලු පිළිබඳ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමඟ පැවති සාකච්ඡාවක දී එකඟතාවකට පැමිණි බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය නිවේදනය කර තිබේ.
දුම්රිය රියදුරන්ගේ උසස් වීම් ගැටලුවට අදාළ යෝජනා රාජ්‍ය සේවා කොමිශන් සභාව වෙත ලබන සඳුදා දින යොමු කිරීමට එහි දී සාකච්ඡා වූ බව සඳහන්ය.
දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ සභාපති චන්දන වියන්දූව මහතා පැවසුවේ, කඩිනමින් මෙම ගැටලුව සඳහා විසඳුම් ලබා දෙනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි.