කුරුවිට, කොකෝවිට ප්‍රදේශයේ පුද්ගලයකු පැහැරගෙන ගොස් යකඩ මුගුරකින් පහර දී ඝාතනය කර තිබෙනවා.
ඝාතනයට ලක් වූ පුද්ගලයා සහ පහර දුන් පුද්ගලයා මිතුරන් දෙදෙනකු වන අතර ඔවුන් දැඩි ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වූවන් බවයි පොලිසිය සඳහන් කළේ.
පහරදීම සිදු කළ පුද්ගලයා තම මිතුරාගේ බිරිය සමඟ සම්බන්ධතාවක් පවත්වා ඇති අතර සැමියා විසින් ඔහු පිළිබඳ කළ ප්‍රකාශයක් අදාළ කාන්තාව ඝාතනය සිදු කළ මිතුරාට පවසා තිබෙනවා.
ඒ අනුව කෝපයට පත් ඔහු මිය ගිය පුද්ගලයාගේ නිවසට පැමිණ ඔහුට පහර දී තම නිවෙසට පැහැර ගෙන ගොස් මුගුරකින් පහර දී තිබුණා.
එම ශබ්දය ඇසී ප්‍රදේශවාසීන් පොලිසිය දැනුවත් කර තිබුණත් සිදු වූ බරපතළ තුවාල හේතුවෙන් 32 හැවිරිදි එම පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වුණ බවයි පොලිසිය පැවසුවේ.
පහර දීම සිදු කළ පුද්ගලයා අද රත්නපුර පොලිසියට භාර වී ඇති අතර ඔහු මීට පෙර මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් ද රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත සිටින අයෙක්.