ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර මෙරට ආර්ථික ගැටලු විසදීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
මෙහිදී සාකච්ඡා කෙරෙනුයේ ශ්‍රී ලංකාවේ ආර්ථික ගැටලු විසඳීම සම්බන්ධයෙන් බවයි වාර්තා වන්නේ.
එහිදී, ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්රයේ සිදුවෙමින් පවතින ප්‍රතිසංස්කරණ සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රයත්නවල සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීම පිළිබඳව ද අවධානය යොමු කෙරුණ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.