හිටපු ක්රිකට් නායක ලසිත් මාලිංග සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබා පවසා සිටියේ එක්දින ලෝක කුසලානය පවතින අවස්ථාවක කණ්ඩායමේ නායකත්වය වෙනස් කිරීම හොඳ තීරණයක් නොවෙනු ඇති බවයි.
ඔහු වැඩිදුරටත් පවසන්නේ ක්රිකට් ක්රීඩාවේ දුශ්කරම පරිච්ජේදයකදී දසුන් නායකත්වයේ වගකීම භාර ගත් බවත් සාමූහික ප්රවේශය සමඟ ජාතික කණ්ඩායමට ස්ථාවරත්වය සහ ගෞරවය ගෙන ඒමට ඔහු සමත් වූ බවත් ය.
2023 එක්දින ලෝක කුසලානය සඳහාද ඔහු ශ්රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ඇති බව සියලු දෙනාම අපේක්ෂා කරන බවයි ලසිත් මාලිංග ප්රකාශ කළේ.
එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ සාර්ථක ලෝක කුසලාන තරගාවලියක් වෙනුවෙන් දස්සාට හා කණ්ඩායමට සහාය දෙන බවයි.