විශ්‍රාමික යුද හමුදා සෙබළියක් සංචාරක වීසා මත ඩුබායි රාජ්‍ය වෙත යවා ගණිකා වෘත්තිය සඳහා යොමු කිරීමට උත්සාහ කළ ජාවාරම්කාර කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය විසිනි.
අදාළ සෙබළිය අවස්ථා දෙකකදී ගණිකා මඩම් වෙත යොමුකර ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අනුරාධපුරයේ පදිංචි විශ්‍රාමික යුද හමුදා සෙබළියක් පසුගිය වසරේ ජුනි මසයේදී තමන් සතු රත්‍රං භාණ්ඩ සහ ත්‍රීරෝද රථය ඇතුළු භාණ්ඩ තොගයක් උකස් තබා ලබාගත් රුපියල් ලක්ෂ 5ක මුදලක් ලබාදී ඩුබායි රාජ්‍ය වෙත ගොස් තිබුණි.
ඒ, තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් හරහා සංචාරක වීසා මතය.
ඒ අනුව, නීතිවිරෝධී අයුරින් විදෙස්ගතවූ අදාළ කාන්තාව ඩුබායි හී සිටින නියෝජිතයා විසින් අවස්ථා දෙකකදී ගණිකා වෘත්තිය සඳහා යොමුකර තිබේ.
අනතුරුව ඉන් පළා ආ කාන්තාව විසින් ඩුබායිහි රැඳීසිටින අදාළ රැකියා නියෝජිතයාට ඒ පිළිබඳව දැනුම්දීමෙන් පසුව ඔහු විසින් නැවත ඇයව මෙරටට එවීම සඳහා රුපියල් ලක්ෂ 4ක මුදලක් ඉල්ලා තිබේ.
පසුව එම මුදල ලබාදී නිසා ඇයව මෙරටට එවා තිබුණි.
ඒ අනුව, ඇය ඒ පිළිබඳව යුද හමුදාපතිවරයා හරහා පොලිස්පතිවරයාට දැනුම්දීමෙන් පසුව සිද්ධිය පිළිබඳව විමර්ශන ආරම්භ කෙරුණි.
ඒ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමරකෝන් බණ්ඩා මහතා යටතේය.
එහි ප්‍රතිඵලයක් ලෙස අදාළ විශ්‍රාමික යුද හමුදා සෙබළිය ඩුබායි රාජ්‍ය වෙත යැවූ මෙරට නියෝජිතවරියව තඹුත්තේගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
එම මිනිස් ජාවාරමට සම්බන්ධ ඩුබායි හී රැඳීසිටින සැකකරු ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද පොලීසිය පැවසීය.