නවසීලන්තයේ දකුණු දුපත් ආසන්නයේ අද (20) භූකම්පන තත්ත්වයක් වාර්තා වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය පවසන්නේ එහි බලපෑම නවසීලන්තයේ බොහෝ ප්‍රදේශවලට සිදු වී ඇති බවයි.
අදාළ භූකම්පන තත්වය එරට වේලාවෙන් උදෑසන 9.20ට පමණ සිදු වී ඇති අතර එහි අගය රික්ටර් මාපක 6.2ක් බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් භූකම්පන තත්වයෙන් කිසිදු අනතුරක් සිදු වී නොමැති බව විදෙස් මාධ්‍ය පවසනවා.