කුච්චවේලි මදුරන්කුඩා කලපු ප්රදේශයේදී දියේ ගිලී තරුණයෙකු මියගොස් තිබේ.
ඊයේ (19) දහවල් කුච්චවේලි පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මියගොස් ඇත්තේ අවුරුදු 19ක් වූ මදුරන්කුඩා ,සෙන්දූර් ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මදුරන්කුඩා කලපු ප්රදේශයේ මසුන් ඇල්ලීම සඳහා ගොස් සිටියදී ඔරුව පෙරළීම හේතුවෙන් මරණය සිදුව ඇති බව පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධව කුච්චවේලි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.