පාස්කු ප්‍රහාරයේ සත්‍ය සැඟවීමට රජය යම් උත්සාහයක් දරන බවට පෙනී යන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
පොල් වගාකරුවන් පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් පසුගිය (16) විපක්ෂනායක කාර්යාලයේදී පැවැත්විය.
එහිදී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.
“ඇයි රජයක් හැටියට පාසකු ප්‍රහාරයේ සත්‍ය සොයන්නට මීට වඩා උනන්දුවක් දක්වන්නේ නැත්තේ. පාස්කු ප්‍රහාරය යම් පුද්ගලයෙක්, පුද්ගල කණ්ඩායමක්, දේශපාලන කණ්ඩායමක් ජයග්‍රහණය කරවන්න නිර්මාණය වූ ත්‍රස්තවාදී සිද්ධියක් ද?. මේක මහා ප්‍රහේලිකාවක්. ජනාධිපතිවරයා මේක මතක තබා ගන්න ඕනේ පාස්කු ප්‍රහාරය කේන්ද්‍රකරගෙන පාර්ලිමේන්තුව ආපු මහජන නියෝජිතයෝ 134 දෙනෙක් තමයි ජනපතිව පත් කර ගත්තේ. ඒ මන්ත්‍රීවරු 134කගේ වරමක් ජනාධිපතිවරයාට ලැබීම තුළ පැහැදිලි වරමක් ජනාධිපතිවරයාට තියෙනවා පාස්කු ප්‍රහාරයේ සුලමුල හෙළිකරන්න. අපිට පෙනි යනවා සත්‍ය සඟවන්න රජය යම් උත්සාහයක් දරණ බව. කවුරු ආරක්ෂා කරන්නද මේ කටයුතු කරන්නේ. රජයට අපි අභියෝග කරලා කියනවා මේ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සත්‍ය සඟවන්න උත්සාහ කරන්න එපා.”