තලාතුඔය පොලීසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ගුරුදෙණිය මාර්ගයේදී ඊයේ (17) රාත්රී 11ට පමණ කිසියම් පිරිසක් විසින් පහරදීම නිසා ඔවුන් දෙදෙනා බරපතළ තුවාල ලබා තිබේ.
අප වාර්තාකරු පැවසුවේ එම පොලිස් නිලධාරීන් දෙදෙනා ප්රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි.
පහරකෑමට ලක්ව ඇත්තේ පොලිස් සැරයන්වරයෙකු හා පොලිස් කොස්තාපල්වරයෙකු වන අතර ඔවුන් දෙදෙනා රාජකාරි නිමකර අදාළ ස්ථානයට ගොස් තිබෙන බව පොලීසිය පවසයි.
මෙම පහරදීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර තලාතුඔය පොලීසිය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.