නිවසක් තුළ කැපුම් තුවාල සහිතව පුද්ගලයෙකු මියගොස් සිටියදී හමුවී තිබේ.
සිද්ධිය වාර්තා වන්නේ වැල්ලවාය පොලිස් වසමේ ගංපංගුව ප්රදේශයෙනි.
ඒ පිළිබඳව වැල්ලවාය පොලිස් ස්ථානයට 118 අංකය ඔස්සේ ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මියගොස් ඇත්තේ අවුරුදු 33ක් වන ගංපංගුව ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මියගොස් ඇති පුද්ගලයා තම මව සහ වැඩිමහල් සහෝදර සහෝදරියන් සමග නිවසේ වාසය කර ඇති අතර නිවසේ කිසිවෙකුත් නොමැති අවස්ථාවක මෙම ඝාතනය සිදුවී ඇත.
මරණකරු මත්පැන් පානයට ඇබ්බැහිවූ අයෙකු වන අතර නිවැසියන් සහ අසල්වැසියන් සමග නිතර ආරවුල් ඇති කරගන්නා අයෙකු බවද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
ඝාතනය සම්බන්ධව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැල්ලවාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.