වැල්ලම්පිටිය, කිත්තම්පහුව ප්රදේශයේදී පසුගිය 28 වනදා මොහොමඩ් සාජහන් නැමැති පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීම සඳහා වෙඩික්කරුවන්ට ගිනි අවිය සහ යතුරු පැදිය ලබාදුන් පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ නිලධාරින් ඊයේ (04) සමත් වුණි.
වෙඩිතැබීම සඳහා යොදාගත් මෙරට නිෂ්පාදිත තුනයි දශම අට උණ්ඩ යෙදිය හැකි රිවොල්වර් වර්ගයේ ගිනි අවියක් සහ අපරාධය සිදුකිරීමට යොදාගත් යතුරු පැදිය ද ඔහු සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන ගෙන ඇත.
තමන් “බ්ලූමැන්ඩල් රවී” නමැති සංවිධානාත්මක අපරාධකරුගේ උපදෙස් මත, ඝාතනය සිදුකිරීම සඳහා යතුරුපැදිය සහ රිවෝල්වරය ලබා දුන් බවත්, වෙඩිතැබීමෙන් අනතුරුව ඒවා නැවත රැගෙන ගිය බවත් ප්රශ්න කිරීම් හමුවේ සැකකරු පවසා තිබේ.
මේ අතර, ඝාතකයන් වැල්ලම්පිටිය, කිත්තන්පහුව, ශ්රී විවේකාරාමය ආසන්නයේදී වෙඩිතැබීම සිදුකර පළායන ආකාරය CCTV කැමරාවකද සටහන්ව තිබුණි.