ගාල්ල කොළඹ ප්රධාන මාර්ගයේ කළුතර වාඩියමංකඩ මංසන්ධියේ දී ත්රිරෝද රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් ත්රිරෝද රථ රියැදුරාව බරපතළ තුවාල ලබා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළු කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වී තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ කළුතර වස්කඩුව ප්රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 52 ක් වූ සුගත් දයානන්ද සිල්වා නමැති විවාහක පුද්ගලයෙකි.
ඔහු ත්රිරෝද රථ රියදුරෙක් වශයෙන් රැකියාව කර ඇති අතර කුලී ගමනක් යන අතරතුර මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලීසිය ප්රකාශ කරයි.
ත්රිරෝද රථය පානදුර දෙස සිට කළුතර දෙසට අධික වේගයෙන් ගමන් කොට ඇති අතර ත්රිරෝද රථයට ඉදිරියෙන් ගමන්ගත් බස් රථයේ තිරිංග තද කිරීම නිසා ත්රිරෝද රථය නැවැත්වීමට නොහැකි වීම හේතුවෙන් එය අනෙක් මං තීරුවට ලිස්සා ගොස් තිබුණි.
පසුව එය ඉදිරියෙන් පැමිණි බස් රථයක ගැටී තිබේ.
ත්රිරෝද රථයේ ගැටුණු බස් රථයේ මංගල ගමනක් සඳහා යමින් සිටි පිරිසක් සිටි බව කළුතර උතුර පොලීසිය ප්රකාශ කරයි.