තායිලන්තයේ හිටපු අග්‍රාමාත්‍ය තක්සින් සිනවත් ට එරෙහිව පනවා තිබූ වසර 08ක සිර දඬුවම වසරක් දක්වා අඩුකර තිබේ.
තායිලන්ත රජු විසින් අදාළ නියෝගය නිකුත්කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි.
තක්සින් වසර 15කට පසුව පසුගිය අගෝස්තු 22 වනදා නැවත තම මව් රටට පැමිණි අතර අනතුරුව ඔහුව සිරගෙට යැවිණි.
නමුත් ඔහු මේ වනවිට රජයේ රෝහලක සුපිරි වාට්ටුවක සිටින අතර ඔහුව රෝහල්ගත කර තිබුණේ හෘදයාබාධ තත්ත්වයක් ඇතිවූ බව පවසමිනි.
එවකට තායිලන්ත අගමැතිවරයා ලෙස කටයුතු කළ තක්සින් ව හමුදා නායකයින් විසින් 2006 වසරේදී බලයෙන් පහකෙරිණි.
අනතුරුව ඔහුට එරෙහිව දුෂණ සහ වංචා චෝදනා එල්ලකළ අතර හිටපු අගමැතිවරයා පැවසුවේ එම චෝදනා දේශපාලනමය කරුණු මත එල්ලකර ඇති බවය.
ව්‍යාපාරිකයෙක් වන තක්සින් සිනවත් තායිලන්තයේ ප්‍රබල පුද්ගලයෙක් ලෙස සැලකෙයි.