වාරියපොළ, මාදම්පේ ප්රදේශයේ සිදුවූ අනතුරකින් පියා සහ දියණිය මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ, යතුරුපැදියක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් යතුරු පැදියේ ගමන් කළ යතුරුපැදිකරු සහ පසුපැදිකාරිය බරපතළ තුවාල ලබා හලාවත රෝහලට ඇතුළත් කර ඇති අතර, වැඩිදුර ප්රතිකාර සඳහා කුරුණෑගල රෝහලට අතුළත් කිරීමෙන් අනතරුව මියගොස් ඇත.
මියගොස් ඇත්තේ, 48 හා 16 හැවිරිදි පියා සහ දියණිය බව වාර්තා වේ.
අනතුරින් පසු ලොරියේ රියදුරු පළාගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර තිබේ.