මාලිගාවත්ත, සෙවණ මාවත ප්රදේශයේ දී ඊයේ (01) දවහල් වෙඩි තැබීමක් සිදුව තිබිණි.
ඊයේ විවෘත කරන ලද යතුරුපැදි සේවා ස්ථානයකට රතු පැහැති යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි ප්රහාරය එල්ල කර ඇති බව පොලීසිය පවසයි.
එම සේවා ස්ථානයේ හිමිකරු වන මාලිගාවත්තේ ප්රදීප් නැමැත්තා ප්රහාරයෙන් තුවාල ලබා මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබන බව වාර්තා වේ.
ඔහු පංචිකාවත්තේ නෙවිල් නමැති සංවිධානාත්මක අපරාධකරුගේ ඥාතියෙකු බව ද පොලිසිය සඳහන් කරයි.
ඔහුට මෙම යතුරුපැදි සේවා ස්ථානය විවෘත නොකරන ලෙසට විවිධ පාර්ශ්වවලින් තර්ජන එල්ල වී තිබූ බව ද වාර්තා වී තිබේ.
කෙසෙල්වත්තේ දිනුකගේ පර්ශ්වය මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි සැක කරන බව පොලීසිය වැඩිදුරටත් වාර්තා කරයි.
පිස්තෝලයකින් මෙම වෙඩි ප්රහාරය සිදුකර ඇති බව වාර්තා වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් මාලිගාවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.