බිරිඳ සහ දියණියන් විසින් පහර දී අත් පා ගැට ගසා තිබූ පොලිස් නිලධාරියකු ආරච්චිකට්ටුව පොලීසියේ නිලධාරීන් විසින් මුදාගෙන ප්රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර තිබේ.
රෝහල්ගත කර ඇත්තේ, කුරුදුවත්ත පොලීසියට අනියුක්තව සේවය කරමින් සිටි රාජකදළුව – මානාවේරිය පදිංචි නිලධාරියකු බව වාර්තා වේ.
රෝහල්ගත කර ඇති පොලිස් නිලධරියා මත්පැන් පානය කර නිවසට පැමිණ බිරිඳට සහ දියණියන් දෙදෙනාට මෝල් ගසකින් පහර දී ඇත.
පසුව බිරිඳ සහ දරුවන් විසින් පොලිස් කොස්තාපල්වරයාට පහර දී ඔහුගේ අත පය ගැට ගසා මේ බව ආරච්චිකට්ටුව පොලීසියට දැනුම් දී තිබේ.
පසුව පොලීසිය පැමිණ අත පය ගැට ගසා තිබූ පොලිස් කොස්තාපල්වරයා මුදාගෙන, බිරිඳට සහ දරුවන්ට පහර දීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන ඇත.
පහර කෑමට ලක්වූ කොස්තාපල්වරයාගේ බිරිඳ ද ප්රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති අතර, මෙම පොලිස් කොස්තාපල්වරයා පසුගිය ජූලි මස 21 වනදා සිට සේවයට වාර්තා කර නොමැති බව ද විමර්ශනවල දී හෙළි වී තිබේ.