ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තය ඉහළ නැංවීමේ පියවර තවදුරටත් ඉදිරියට ගෙන යමින් ‘The Colours Of Jaffna’ නමින් සුවිශේෂි වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.
මෙම වැඩසටහනේ අරමුණ වනුයේ උතුරු පළාතට අවේණික වූ සුපශාස්ත්ර හා ගෘහ නිර්මාණ ලක්ෂණ ඇතුළුව සංස්කෘතික හා සමාජීය සුවිශේෂිත්වය ලොවට පෙන්වා දීමයි.
මෙම ක්රියාවලිය ආරම්භ කිරීමට නිමිත්තෙන් යාපනය නල්ලුර් කන්දසාමි කොවිලේ වාර්ෂික උත්සවයක් ආරම්භ කර තිබෙනවා.
වැඩසටහනේ පළමු අදියර වශයෙන් යාපනය ප්රදේශයට ආවේණිකත්ව සහිත වීඩියෝවක් එළි දැක් වූ අතර තවත් වැඩසටහන් මාලාවක් ඉදිරියට ක්රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.
යාපනය ප්රදේශයේ සුවිශේෂී බව වඩාත් පහසුවෙන් අත්විදිමට හැකි වන ආකාරයට සංචාරකයන්ට හෝටල් පැකේජ් කිහිපයක්ද හදුන්වා දී තිබෙන බවයි සඳහන් වන්නේ.