රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පවරන ලද නඩුවකට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන රැදී සිටි නිල නිවසෙන් ඉවත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් තීන්දුව යළි සලකා බලන මෙන් ඔහුගේ නීතිඥවරු මෝසමක් මගින් කරුණු දක්වා තිබෙනවා.
එම අවස්ථාවේදී නඩුව සැප්තැම්බර් 19 දින යළි කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
මානව හිමිකම් කොමිසම විසින් ලබාදුන් තීන්දුවකට අනුව මන්ත්‍රීවරයා අදාළ නිල නිවසේ රැඳී සිටි අතර නීත්‍යානුකූල නොවන ආකාරයෙන් රැදී නොසිටි බවයි නිතිඥවරුන් පෙන්වා දුන්නේ.
ඒ අනුව අධිකරණය කරුණු සලකා බැලීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට නොතීසි නිකුත් කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන දැනට රැදී සිටින නිවස සඳහා අදාළ බදු කුලියද නිසි පරිදි ගෙවා ඇති බවයි හිරු ප්රවෘත්ති විමසීමකදී මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ.