ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව (Ceypetco) සහ IOC සමාගම සතු ඉන්ධන මිල ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13 කින් වැඩි වී ඇති අතර එහි නව මිල රුපියල් 361 ක් වෙනවා.
එමෙන්ම, ඔක්ටේන් 95 පෙට්ට්‍රල් ලීටරයක මිල රුපියල් 42 කින් වැඩිවී ඇති අතර එහි නව මිල රුපියල් 417 ක්.
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 35 කින් ද වැඩිවී ඇති අතර එහි නව මිල රුපියල් 341 ක් සහ ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 01 කින් ද වැඩි වී තිබෙන අතර, එහි නව මිල රුපියල් 359 ක් ලෙස සඳහන්.
එමෙන්ම භූමිතෙල් ලීටරක මිල රුපියල් 5 කින් වැඩි වී ඇති අතර නව මිල රුපියල් 231 ක්.