සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය ලබන සතියේ 6,7 සහ 8 යන දින තුනේදී පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (1) තීරණය කළේය.
යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම ලබන 8 වැනිදා පස්වරු 5.30ට පැවැත්වීමටද එහිදී තීරණය කෙරිණ.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට බාර දෙනු ලැබූවේ කතානායකවරයාට බාර දෙනු ලැබුවේ සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසිනි.
මේ අනුව එම යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට දැනටමත් ඇතුළත් කරනු ලැබ ඇත.
ඖෂධ හිඟය, ඇතැම් ඖෂධ භාවිතා කිරීමෙන් පසු රෝගීන් මිය යෑම ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්රයේ කඩාවැටීම් පදනම් කරගෙන විපක්ෂය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර ඇත.
පාර්ලිමේන්තුව ලබන 5 වැනිදා සිට 8 වැනිදා දක්වා පැවැත්වීමටද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කෙරිණ.