හය දෙනෙකුගෙන් පමණ සමන්විත වල් අලි රංචුවක් හේතුවෙන් ආරච්චිකට්ටුව, කුරුක්කුලිය ප්‍රදේශයේ කුරුක්කුලිය මහා විද්‍යාලය තාවකාලිකව වසා දමා තිබෙනවා.
සිසු සිසුවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විදුහල අද (31) දින තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
එම විදුහලේ ගුරුවරයෙක් පවසා සිටියේ අදාළ වල් අලි රංචුව ගම්මානයට කඩා වදින විටත් මෙම විදුහලට සිසු සිසුවියන් පිරිසක් පැමිණ සිට ඇති අතර එම සිසු සිසුවියන් මව්පියන් වෙත භාරදුන් බවයි.
කෙසේ වෙතත් වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ පොලීසිය ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව වන අලි රංචුව පලවා හැරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.