පසුගිය වසරේ මාර්තු මාසයේ සිට මැයි මස 9 වනදා දක්වා රට තුළ සිදු වූ සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆිල්ට් වසන්ත කරන්නාගොඩගේ සභාපතිත්වයෙන් පත්කළ කමිටුවේ වාර්තාවට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
නීතිපතිවරයා විසින් විමර්ශනයක් සිදු කරන ලෙසටයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇත්තේ.
මෙම කමිටුව සිදුකළ විමර්ශන වාර්තාව නීතිපතිවරයා වෙත පසුගියදා යොමු කර තිබුණා.
එම වාර්තාවෙන් නිර්දේශ කර ඇත්තේ මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුව මැදිහත් කරගෙන විමර්ශනයක් සිදු කරන ලෙසටයි.
මේ පිළිබඳව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ද පසුගියදා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වා සිටියා.