මහනුවර දළදා පෙරහරට රැගෙන ආ මැණික්හින්නේ ඇතෙක් මහනුවර විෂ්ණු දේවාල පරිශ්රයේ ඇති ඉපැරණි අම්බලමක් කඩා විනාශ කර ඇතැයි පොලිසිය කියයි.
ඇත්ගොව්වා ළඟ නොසිටි අවස්ථාවක මෙම ඇතා කලබලකාරි ලෙස හැදිරෙමින් පැරණි ඉම්බලමට පහරදී ඇත. අම්බලම කඩා වැටෙද්දී එහි උළු කැටයක් වැදි 16 හැවිරිදි පිරිමි දරුවකු ද තුවාල ලබා ඇත.