අස්වැසුම ප්රතිලාභ ලබාදෙන නිශ්චිත දිනයක් ඉදිරියේදී ප්‍රකාශයට පත්කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.
නිවැරදිව තොරතුරු තහවුරු කරගත් ප්‍රතිලාභීන් ලක්ෂ 8 ක් සඳහා ජූලි මාසයට අදාළ රුපියල් බිලියන 5 ක් රාජ්‍ය බැංකු වෙත ඊයේ (28) දිනයේදී බැරකළ බවයි ඔහු ප්‍රකාශ කළේ.
පළමු වාරිකය ගෙවීමෙන් අනතුරුව කඩිනමින් නුසුදුස්සන් ඉවත්කිරීමේ කටයුතුද ආරම්භ කරන අතර ඊට අවශ්‍ය සහය ලබාදෙන ලෙසයි අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
ඒ අනුව සතියේ දිනවල උදෑසන 09 සිට පස්වරු 04 දක්වා 1924 යන ක්ෂණික දුරකථන අංකයෙන් පැමිණිලි යොමුකිරීමේ හැකියාවද පවතිනවා.