හොරණ ගෝනපොල ප්‍රදේශයේ දී ඊයේ (27) විවාහයක් අතරතුර එයට සහභාගී වූ තරුණියක් මිය ගොස් තිබෙනවා.
අදාළ තරුණිය තම මිතුරියන් හා නර්තනයේ යෙදෙමින් විනෝද වී සිට ඇති අතර එහිදී ඇයට හදිසි අසනීප තත්ත්වය ඇති වී තිබෙන බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් ඇයගේ මිතුරියන් ඇයව මෝටර් රථයකින් හොරණ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් වෙත රැගෙන ගොස් තිබෙනවා.
එහිදී එම පෞද්ගලික රෝහලේ වෛද්‍යවරු ඇයව හොරණ රෝහල වෙත රැගෙන යාම සඳහා උපදෙස් ලබාදී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
කෙසේ වෙතත් පොලිසිය පැවසුවේ තරුණිය හොරණ රෝහල වෙත රැගෙන යාමෙන් අනතුරුව සිදු කළ පරික්ෂාවේදී ඇය මියගොස් ඇති බවට වෛද්‍යවරුන් විසින් දැනුම් දී ඇති බවයි.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 25ක් වන මීගොඩ උඩ ගෙවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි අවිවාහක තරුණියක්.