ඇසළ පෙරහර නිසා ඇති වී තිබෙන රථවාහන තදබදය හේතුවෙන් මහනුවර නගර සීමාවේ සියලුම රජයේ පාසල් අගෝස්තු 28, 29 සහ 31 යන දිනවල වසා තැබෙන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා දැනුම් දී තිබෙනවා.
ඇසළ පෙරහර නැරඹීමට විශාල ජනගහණයක් මහනුවර නගරයට පැමිණීම හේතුවෙන් නගරය තුළ අධික රථවාහන තදබදයක් නිර්මාණය වී ඇති බැවින් පාසල් සිසුන් අපහසුතාවට ලක් වීම නිසා මෙම තීරණය ගත් බවයි සඳහන් වන්නේ.