පැල්මඩුල්ල පොලිසියේ සිර මැදිරිය තුළ රඳවා සිටි පුද්ගලයකුගේ ගෙළට පිහියකින් ඇන තුවාල සිදු කළ 26 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
සැකකරු මෙලෙස පිහියෙන් ඇන ඇත්තේ සිය බිරිදගේ අනියම් සැමියාට බවයි මාධ්‍ය කළ විමසීමක දී පොලිසිය පැවසුවේ.
අනියම් සැමියා හා සැකකරුගේ බිරිඳ නගරයේ ප්‍රසිද්ධියේ අඩදබර කර ගැනීමක් හේතුවෙන් දෙදෙනා පැල්මඩුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර, අත්අඩංගුවට ගෙන සිටි සිය බිරිඳට පොලිස් ඇප ලබා දීමට ඉදිරිපත්ව ඇති සැමියා බිරිදට ඇප ලබා දී පොලිසියෙන් පිටතට යන අවස්ථාවේ බිරිදට පහර දීම සම්බන්ධයෙන් පොලිසිය එම සැමියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් එම සැකකරු පොලිසියේ සිර මැදිරියට දැමීමට පෙර පොලිස් නිලධාරීන් ඔහු පරික්ෂා කළ අවස්ථාවේ සැකකරු පොලිස් නිලධාරීන් තල්ලුකර සිර මැදිරිය වෙත දිවගොස් ඔහු සඟවාගෙන සිටි කුඩා පිහියකින් සිරමැදිරියේ රඳවා සිටි බිරිඳගේ අනියම් සැමියා බව කියන පුද්ගලයාගේ ගෙලට ඇන ඇති බවයි පොලිසිය පවසන්නේ.