රට ගොඩගැනීම සඳහා නව නිදහස් අරගලයක් ගොඩනැගිය යුතු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ජාතික භික්ෂු දිනය වෙනුවෙන් පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.
ජාතික භික්ෂු දිනය නිමිත්තෙන් ”පරගැති පාලනය පරදන නිදහස් අරගලයේ නූතන කතිකාව” යන මැයෙන් කොළඹ පදනම් ආයතනයේදී මෙම සම්මන්ත්‍රණය පැවැත්වුණේ ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධානත්වයෙන්.
ඊට ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධන අනුශාසක මහාචාර්ය පූජ්‍ය අත්තංගනේ රතනපාල හිමි, ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමි, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් එක්ව සිටියා.