පාර්ලිමේන්තුව තුළ රටේ ප්‍රශ්න මතු කරන අවස්ථාවන් වලදී ඒවාට විරුද්ධ වන අයුරින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ක්‍රියාත්මක කරවීමේ කුමන්ත්‍රණයක් පවතින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරනවා.
විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේ කෑගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකදීයී.
කෑගල්ල, නාරංදෙණිය ශ්‍රී නාගවනාරාම විහාරස්ථානයේ අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේගේ සතරැස් කොටුවේ ධාතූන් වහන්සේ තැන්පත් කිරීම සහ කොත නිරාවරණය විපක්ෂ නායක වරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) සිදුකෙරුණු අවස්ථාවේදීයි ඔහු මේ බව සඳහන් කළේ.