අනුරාධපුර මිහින්තලය මාතලේ හන්දිය සහ පුල්යාර් හන්දිය අතර ප්රදේශයේදී ඊයේ (25) සිදු වූ මාරක රිය අනතුරකින්, කාන්තාවක් මිය ගොස් තිබෙනවා.
පාපැදියක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අප වාර්තාකරු පැවසුවේ අනතුරින් පා පැදියේ ගමන් කළ කාන්තාව බරපතල තුවාල ලබා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව සිටි බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 54ක් වන පුල්යාර හන්දිය, හේනවත්ත ප්රදේශයේ පදිංචි සිව් දරු මවක්.
කෙසේ වෙතත් මේ වන විට ලොරි රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.